අප ගැන

ශී‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ර ලංකාවේ ප‍්‍රවාහන මාර්ග ආර්ථික සංවර්ධනයේ දී අත්‍යවශ්‍ය පූර්වාශ්‍යතාවයක් බවට සලකනු ලැබේ. මිනිසුන් සහ භාණ්ඩ ප‍‍්‍රවාහනය සඳහා විශ්වාසනීය ප‍‍‍්‍රවාහන පහසුකම් සැපයීම ආර්ථික වර්ධනය ප‍‍‍‍‍‍්‍රබෝධමත්භාවයට පත්කරයි.

එය මිනිසුන්ගේ අධ්‍යාපන තත්ත්වය, සෞඛ්‍ය තත්ත්වය සහ සාමාජික තත්ත්වයද වැඩිදියුණු කිරීම ස‍ඳහා උපකාරී වේ. වැඩිදියුණු කළ ප‍්‍රවාහන, යටිතලය, සන්නිවේදන පහසුකම් තවදුරටත් වර්ධනය කරනු ලබන අතර මිනිසුන්ගේ ආර්ථික සහ සාමාජීය තත්ත්වයන්ද වැඩිදියුණු කරනු ලැබේ.

මේ කර‍ැණු තේර‍ැම් ගනු ලැබ සිටින අතිගර‍ැ ජනාධිපතිතුමා සෑම ගමක්ම සියලුම පහසුකම් සහිතව සංවර්ධනය කිරීමේ පුළුල් අරමුණ ඇතිව, “මඟ නැගුම” යටතේ සියලුම ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය කරනු ලබන බවට “මහින්ද චින්තනය” තුළින් ප‍‍්‍රතිඥා දෙනු ලැබ සිටී.

සංවිධාන ව්‍යුහය (PDF 27KB)

අපගේ දැක්ම

“එක් එක් සහ සෑම ගෘහයකටම විශ්වාසය තැබිය හැකි මාර්ග ප‍්‍රවේශයක් ලැබ සිටින සමෘධිමත් ශී‍්‍ර ලාංකික ග‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍රාමීය ප‍්‍රජාවක්.”

අපගේ මෙහෙවර

“විශ්වාසය තැබිය හැකි සහ සෑම කලකම නොවෙනස්ව පවතින ප‍්‍රවේශවීමේ හැකියාව ලබාදීම තුළින් ශී‍‍‍‍‍‍‍‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය ප‍‍‍්‍රජාවගේ ආර්ථික - සාමාජික සංවර්ධනයක් ඇතිකිරීම.”

පරමාර්ථ

  • ග‍්‍රාමීය ප‍‍‍‍‍්‍රවාහන යටිතල සම්බන්ධයෙන් වූ ආයෝජනය පිළිගත හැකි මට්ටමකට උසස් කිරීම.
  • ග‍්‍රාමීය ප‍්‍රවාහන යටිතල සම්බන්ධයෙන් වූ ආයෝජනය දරි‍‍‍‍‍‍‍‍‍ද්‍රතාවය පහත හෙළීම සඳහා උපායශීලීව යොමුකරවා ගැනීම.
  • ඉංජිනේර‍ැ ප‍්‍රජාව අතර වගකිවයුතු ගොඩනැගීමේ සහ නඩත්තු කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීම.
  • ග්‍රාමීය මාර්ග පද්ධතිය රැකබලා ගැනීමේ කාර්යය සඳහා පළාත්බද ජනතාවගේ උරදීමේ ශක්තිය වැඩිදියුණු කිරීම.
  • ඵලදායී ලෙස සම්පත් වෙන්කරනු ලබන බවට සහතික කර ගැනීම සඳහා ක්‍රමවේදයන් දියුණු කර ගැනීම.

ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වූ මූල්‍යකරණය

දරිද්‍රතාවය පොදු ග්‍රාමීය ලක්ෂණයක් වන්නේ ය. ග්‍රාමීය දරිද්‍රතාවයට හේතූන් අතරින් එකක් වන්නේ ප්‍රධාන වර්ධන මධ්‍යස්ථානවලින් ඔවුන් වෙන්ව සිටීමයි

ආර්ථික වර්ධනය සාධාරණව සිදුවන බවට සහතික කර ගැනීම සඳහා ග්‍රාමීය යටිතල සම්බන්ධව කරනු ලබන ආයෝජනය පිළිගත හැකි මට්ටමකට ගෙන ආ යුතු වන්නේ ය.

ශී‍්‍ර ලංකාවේ ග‍්‍රාමීය මාර්ග අංක බදු හෝ අයකිරීම් වශයෙන්, කවර ආකාර හෝ ආදායමක් උත්පාදනය නොකරන්නේ ය. එමනිසා, මාර්ගවල නඩත්තුව, පුනර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ැත්ථාපනය සහ වැඩිදියුණුව සඳහා අරමුදල් සපයාදීම ආණ්ඩුවේ වගකීම වන්නේ ය.

 

ප්‍රවේශමේ හැකියාව ග්‍රාමීය ප්‍රදේශවලට ලබාදීමෙන් අත්වන ප්‍රතිලාභ

  • තරඟකාරී වෙළඳපොළවලට ප්‍රවේශය ලබාදීම
  • කෘෂිකාර්මික සහ අනෙකුත් නිෂ්පාදන සඳහා අවශ්‍ය වන යෙදවුම් පහසුවෙන් එහාමෙහා ගෙනයාම
  • අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් සහ වෙළඳාම, වානිජ්‍ය, සන්නිවේදනය හා අනෙකුත් සේවාවන් සඳහා ග්‍රාමීය මහජනතාවට ප්‍රවේශය ලබාදීම
  • පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ලබාදීම මගින් ගම්වලට විදුලිය සහ ජලය ලබාදීම වැනි අනෙකුත් සේවා සහ යටිතල තවදුරටත් වර්ධනය වේ

අපගේ මාර්ග ගැන

කිලෝමීටර් 92,700 ක මුළු මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාව සතුව ඇත.

ජාතික මාර්ග   11,600 12.50%
පළාත් සභා මාර්ග 16,523 17.80%
ග්‍රාමීය මාර්ග 64,658 69.68%

මුළු මාර්ග පද්ධතියෙන් 70% ක් පමණ ග්‍රාමීය මාර්ග නියෝජනය කරනු ලැබේ. මේ මාර්ගවලින් බොහොමයක් පාහේ අඩි පාරවල් හෝ කරත්ත පාරවල් ලෙස ඇරඹී භාවිතා කරනු ලැබ ඇත. දශක ගණනාවක්ම මෙම පාරවල් නඩත්තු කිරීමක් හෝ පුනර‍ැත්ථාපනය කිරීමක් නොමැතිව අතපසුකර ඇත.

එමනිසා ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතාවන්වලට ඉඩ සැලැස්වීම පිණිස තෝරාගත් ග්‍රාමීය මාර්ග ප්‍රති සැලසුම් කිරීම හා ග්‍රාමීය ප්‍රදේශ සමග වඩා හොඳ සම්බන්ධතාවක් ඇතිකර ගැනීම සඳහා ඒවා පුන‍‍‍‍‍‍‍‍‍‍‍‍ර‍ැත්ථාපනය කිරීම අවශ්‍ය වී ඇත.


ඉහලට

 

අපගේ දැක්ම
අපගේ මෙහෙවර
පරමාර්ථ
ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා වූ මූල්‍යකරණ
ප්‍රවේශමේ හැකියාව ග්‍රාමීය ප්‍රදේශවලට ලබාදීමෙන් අත්වන ප්‍රතිලාභ
අපගේ මාර්ග ගැන

© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By