අතිගර‍ැ ජනාධිපතිතුමාගේ පණිවුඩය

maganaguma

“මගනැගුම” ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද එක්දහසක් වූ මාර්ග සාර්ථක ලෙස නිමකිරීම සහ බලගැන්වීම සැමරීම සඳහා වන ජාතික උත්සවය අවස්ථාවේ දී මෙම පණිවුඩය මා විසින් නිකුත් කරනු ලබන්නේ ඉමහත් තෘප්තියෙනි.

මේ සඳහා විශේෂ හේතු කිහිපයක් වේ. මහාමාර්ග විෂයය භාර අමාත්‍යවරයා වශයෙන් “මගනැගුම” ව්‍යාපෘතිය මා විසින් ආරම්භ කරන ලදී. ඒ වන තෙක් ග්‍රාමීය මාර්ග සඳහා විශේෂ රාජ්‍ය ආයෝජනයක් නොතිබුණි.

ප්‍රවේශ මාර්ග නොමැතිකම නිසා බොහෝ ගම් ප්‍රධාන ආර්ථික ප්‍රවාහයෙන් වෙන් වී පැවතුන අතර “මගනැගුමේ” ප්‍රධාන පරමාර්ථය වූයේ සම්බන්ධිත පුර‍ැක් සැපයීමය. මේ අරමුණ සඳහා පසුගිය අවුර‍ැදු දෙක තුළදී රාජ්‍ය ආයෝජනය හතර ගුණයක් කරන ලදී.

“මගනැගුම” ඉදිරිපිට ඇති අභියෝගය වන්නේ නොනැසී පවතින මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම සහ ව්‍යාපෘතියට සම්බන්ධ සියළුම දෙනාට ඒ සඳහා ශක්තිය ඇති බවට මම තරයේ විශ්වාස කරමි.

“මගනැගුමේ” නිර්මාතෘවරයා වශයෙන් මේ අවස්ථාව සඳහා ඉතා සතුටින් මම මගේ උපහාරය පුදකර සිටිමි.

 

 

 

 
 

© 2006 Ministry of Road Development All Rights Reserved – Developed in Association with Site By